හෝටන් තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්තය නැරඹීමට ගිය කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක කුඩා ලෝකාන්තය සහ ප්‍රධාන ලෝකාන්තය අතර මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද දින අඩි 40ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සිය සරසවි මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට සහභාගී වී සිට ඇති අතර, මාර්ගයේ ගමන් කරද්දී කකුල ලිස්සා යාමෙන් මෙම අනතුරට මුහුණ පා ඇත. වාසනාවකට මෙන් ඇය ප්‍රපාතයේ තිබූ පඳුරක රැඳී තිබීම නිසා මහා ප්‍රපාතයට ඇද වැටීමෙන් දිවි ගලවා ගැනීමට හැකි වූ අතර, සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් ලණු ආධාරයෙන් අති දුෂ්කර මෙහෙයුමකින් පසු ඇයව බේරා ගැනීමට සමත් විය. තුවාල ලැබූ සිසුවිය මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ ජීවිතයට අවදානමක් නොමැති බව වාර්තා වේ.


