අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි තනතුරට ආදි සිසුවියක් පත්වෙයි

62

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හි නව විදුහල්පතිනිය ලෙස එම පාසලේම ආදි සිසුවියක් වන චතුරිකා අයන්තී කුමාරී රත්නායක මහත්මිය පත්වී ඇත.
1991 සිට 1999 දක්වා එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය, පසුව කොළඹ විශ්වවිද්‍යාලය තුළින් අධ්‍යාපනවේදී උපාධිය හිමි කරගෙන කාණ්ඩයේ ප්‍රථමයා ලෙස රන් පදක්කම් දෙකක් දිනාගත් අතර, අධ්‍යාපනපති උපාධියද සම්පූර්ණ කර තිබේ.
2007දී ගුරු වෘත්තිය ආරම්භ කළ ඇය, 2009දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (SLEAS) වෙත එක්ව විවිධ උසස් තනතුරු රැසක් දැරූ අතර, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතුද ඉටු කර තිබේ.
අවසන් වශයෙන් ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය හි විදුහල්පතිනිය ලෙස සේවය කළ ඇය, දැන් සිය ආදි පාසලේ නායකත්වය භාරගැනීම විශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *