ඉන්දියාවේ සිට පෙරේදා (18) මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු නමැත්තා මිනිස් ඝාතන රැසකට සම්බන්ධ බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසිය සඳහන් කළේ, ඔහු ‘කරන්දෙණියේ සුද්දා’ නමැති අපරාධකරුවාගේ සොහොයුරා බවයි. අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලබාගත් තොරතුරු අනුව, ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
චෝදනා එල්ල වී ඇති ප්‍රධාන සිද්ධීන්
පොලිස් ආරංචි අනුව, පහත සඳහන් ඝාතන සිද්ධීන් සමඟ ඔහු සම්බන්ධ බවට සැක පළ කර ඇත:
1. කරන්දෙණියේ “හිත හොඳ දොස්තර” ඝාතනය
2. අම්බලංගොඩ ගලගොඩ සූසා ඝාතනය
3. අම්බලංගොඩදී එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවා ඝාතනය
4. දෙල්දූව හෝටලයේ අනුෂ්ක සහ සඳුන් ඝාතනය
5. මීටියාගොඩ “පලතුරු ප්‍රියන්ත” ඝාතනය
6. අම්බලංගොඩදී බැනට් විජිත් ඇතුළු පුද්ගලයන් ඝාතනය
7. හික්කඩුවේ කලුපෙ ප්‍රසන්න සහ ඉසුරු ඝාතනය
8. “චූටි මාමා” නමැත්තා ඝාතනය
9. වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ජයරත්න ඝාතනය
10. අලුත්ගම ව්‍යාපාරිකයකු ඝාතනය
11. මාදම්පේ සුගත්සිරි ඝාතනය
12. ගාල්ල හිනිදුම ත්‍රිත්ව ඝාතනය
13. ඌරවත්ත ද්විත්ව ඝාතනය
14. හික්කඩුවේ කීර්තිවංශ ඝාතනය
15. තෙල්වත්තේ ප්‍රියන්ත ඝාතනය
16. අහුංගල්ලේ ප්‍රියංජන ඝාතනය
17. බූස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සිරිදත් ධම්මික ඝාතනය
18. පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය
19. මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර ඝාතනය
20. “ස්ටිකර් සජී” ඝාතනය
21. දෙවුන්දර “ඩිලයිට්” ඝාතනය
22. මහදුර නිලීන් සහ නාලනී ඝාතනය
23. “සිංගර් කෝසල” ඝාතනය
24. උණාකූරුවේ ඥාතීන් දෙදෙනෙකු ඝාතනය
25. නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ බිරිඳ ඝාතනය
26. තෙල්වත්තේ “කලුවා” ඝාතනය
27. මාදම්පේ “පොඩි සුද්දා” ඝාතනය
28. කුරුඳුගහ ප්‍රදේශයේ තරුණයකු ඝාතනය
29. කොබේතුඩුවේ නුවන් ඝාතනය
30.“පොඩි දිමුතු” ඝාතනය
පොලිසිය සඳහන් කරන්නේ, මෙම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවයි.


