ඉහළ අධිකරණ විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය 18 දා පාර්ලිමේන්තුවට

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

යෝජිත සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට නියමිතය. කෙසේ වෙතත්, නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය, විපක්ෂය, සිවිල් සංවිධාන සහ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊට විරෝධය පළ කර තිබේ. පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට ද සූදානම් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *