විශ්වවිද්‍යාල සිසුන් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ අවදානමකට මුහුණ දී සිටින බවත්, පාඨමාලා අතහැර යන පිරිමි සිසුන්ගෙන් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට ලක්ෂණ පෙන්වන බවත් මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි.
විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ තරුණියන් අතර පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” (Ratama Ekatta) ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය. පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍යවලටො ගොදුරු කර ගැනීමට ජාවාරම්කරුවන් වැඩි උත්සාහයක් දරමින් සිටින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මිනිසුන් අඛණ්ඩව මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ හුදෙක් ලැබෙන වින්දනයක් නිසාම නොව, එය නැවැත්වීමට උත්සාහ කිරීමේදී මතු වන අපහසුතා (Withdrawal symptoms) පාලනය කර ගැනීමට බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පාසල්වල සිදු කරන ලද පර්යේෂණ සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදු කළ නිරීක්ෂණ මගින් තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාල පාඨමාලා අමතරව අතහැර යන සිසුන් අතර මෙම ගැටළුව විශේෂයෙන් දක්නට ලැබෙන අතර, තරුණයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.


