කැලණි ගඟේ විෂ දූෂණය හේතුවෙන් අත්හිටුවූ ජල සැපයුම යථා තත්ත්වයට කැලණි ගඟට පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් විෂ රසායනික ද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.හදිසි තොරතුරක් ලැබීමෙන් පසු අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර වහාම වසා දැමූ අතර, විමර්ශන හා ජල සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු අද අලුයම 4.30ට මෙහෙයුම් යළි ආරම්භ කර ඇත. උදෑසන 9.00 වනවිට සියලු ප්‍රදේශවලට ජල සැපයුම සාමාන්‍ය පරිදි ලබාදීමට හැකිවී තිබේ.ජල මණ්ඩලය අවධාරණය කළේ, අපවිත්‍ර ජලය කිසිදු අවස්ථාවක ජනතාවට නිකුත් නොකළ බවයි.


