මාසිකව මිලියන 160 ක් පාඩු ලැබූ සතොස දැන් ලාභ ලබනවා

2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31ක් වසා දැමූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. 2026 අගෝස්තු 17 වන විට දිවයින පුරා සතොස අලෙවිසැල් 424ක් පවතින බවද ඔහු පැවසීය.අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, ආණ්ඩුව සතොස ආයතනය භාර ගත් විට එය බිලියන 24ක පාඩුවක් සහ බිලියන 11කට ආසන්න ණයක් සහිතව තිබූ බවයි. එමගින් සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමේදී දැඩි බාධා ඇතිවූ අතර, මාසිකව මිලියන 160ක පාඩුවක් සිදුවූ බවද ඔහු අවධාරණය කළේය.නමුත්, අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය මාසයේදී සතොස ආයතනය ලාභ ලබන මට්ටමකට ගෙන එන්නට හැකිවූ බවයි. එහෙත්, භාණ්ඩ මිලදී ගැනීමේදී පෞද්ගලික අංශය සමඟ තරඟ කිරීමට නොහැකි වීමත්, සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට මාසයක් පමණ ගත වීමත් නිසා සතොසට අමතර ගැටලු මතුව ඇති බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *