යොහානිගේ ‘කෙල්ල’ ග්‍රැමී සම්මානයට නිර්දේශ වෙයි

yohani kella
ශ්රී ලංකාවෙන් ජාත්යන්තරයට ගිය ජනප්රිය ගායිකා යොහානි ද සිල්වාගේ මුල් ඇල්බමය වන “කෙල්ල” 67 වන වාර්ෂික ග්රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බම් කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබෙනවා. මෙම ගීත ඇල්බමයෙහි ගීත 14ක් ඇතුළත් වන අතර එය සම්පූර්ණයෙන්ම ඇය විසින් නිර්මාණය කර ඇති ගීත එකතුවක් වනවා. ඇය සඳහන් කර ඇත්තේ මෙම ඇල්බමය නිර්මාණය කිරීම සඳහා සහය දුන් සියල්ලටම කෘතඥ වන බවයි. මෙම ග්රැමී සම්මාන උළෙල ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හීදි පැවැත්වීමට නියමිතයි.
“මේ ජයග්රහණය ශ්රී ලංකාව වෙනුවෙන්, අපේ කතා, අපේ හඬවල් සහ ශ්රී ලාංකීය සංගීතය නිවසේ සිට ලෝකයට ගෙන යාමේ සිහිනය විශ්වාස කළ සියලු දෙනා වෙනුවෙන්. මෙම මොහොත මා වෙනුවෙන් පමණක් නොව, අප වටා ඇති දෑට වඩා විශාල යමක් විශ්වාස කිරීමට අභියෝග කරන මගේ දූපතෙන් පැමිණි සෑම කලාකරුවෙකු සහ සිහින දකින්නෙකු වෙනුවෙන්. කෙල්ල ”නිර්මාණය කරන ලද්දේ අපේ සම්ප්රදායන්හි මුල් බැසගත් සහ ලෝකයේ නවීන හඬවල් සමග මුසුවූ සෑම රිද්මයක්ම එක් කරලා. එමෙන්ම මේ ජයග්රහණය මට සවන් දී සහය දක්වා, මා විශ්වාස කළ ඔබ වෙනුවෙන්. අපි මෙම ගමන එකට දිගටම කරගෙන යමු, ශ්රී ලාංකීය සංගීතය මීට පෙර නොගිය තැන්වලට ගෙන යමු. කෙල්ල හුදෙක් ඇල්බමයක් නොවේ – එය මගේ හදවතේ කොටසක්. එය ලෝකය වටා ගැහෙන්නට ඉඩ දීම ගැන ඔබට ස්තූතියි”යැයි ඇය සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *