මුදල් නොමැති බව පවසා කල් තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
එම මැතිවරණය සම්බන්ධයෙන් දී ඇති උසාවි නියෝගය අනුව එම නාමයෝජනා පත්‍ර අනුවම කිසිදු වෙනස් කිරීමකින් තොරව නැවත පැවැත්විය යුතුව තිබෙන බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා එම කාලය තුළ පක්ෂ මාරු කළ පුද්ගලයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද පැවසීය.
ඒ අනුව ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන් හෝ එවකට ඔවුන් සිටි පක්ෂය මාරු කොට එම පක්ෂය තුළින්ම ඡන්දයට ඉදිරිපත්ව ජය ලැබුව ද ඔවුන්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවහ්‍ය පියවර ලේකම්වරුන්ට බලය ඇති බවද පැවසීය. ගැනීමට


