පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමා උපදෙස් දී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

WhatsApp Image 2024 10 25 at 11.20.45
පාස්කු ප්රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කටුනායක පැවැත්වූ ජන රැළියට එක්වෙමින්. මේ වන විට පිරිසක් කලබලයට පත්වී ඇති බවත්, 2019 පාස්කු ප්රහාරයෙන් බලය ගැනීමට පාස්කු ප්රහාරය මතුරමින් ගිය පිරිස, වසර 5 කට පසු අවදි වී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
වාර්තා දෙන ලෙස ඔවුන් ප්රකාශ කළ ද, වාර්තා දෙකම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ වාර්තා බවත්, ඒවා විමර්ශන කමිටු නොවන අතර ඔහුගේ වුවමනාව තිබුණේ මෙම පරීක්ෂණ යටපත් කිරීම බවද ජනාධිපතිවරයා පැවසුවා.
තම රජය බලයට පත්වූ පසු පාස්කු ප්රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දීමෙන් අනතුරුව එය කඩාකප්පල් කිරීම සඳහා කෝමා තත්ත්වයක සිටි පිරිසක් අවදි වී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කරනවා.
ජාතික ජන බලවේගය ඔවුන් පෙරලන බාල්දිවලට පැටලීමට කටයුතු නොකරන බවත්, බාල්දි පෙරළන අයට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *