ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි , අද දිනයේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත් තවදුරටත් දන්වා සිටිනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන් අද සහ හෙට දිනයන් තුළ ක්‍රියාත්මක වෙනවා.


