දකුණු ඉන්දීය නළු තලපති විජේ ඔහුගේ නව පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් (Tamilaga Vetri Kazhagam) ආරම්භ කිරීමත් සමඟ දේශපාලනයට නිල වශයෙන් පිවිස ඇත. සමාරම්භක උත්සවය ඊයේ (27) වන දින තමිල්නාඩුවේ වික්‍රවන්දි හිදී පැවැත්විණි, ඒ අවස්ථාව සදහා ආධාරකරුවන් ඇතුලු විශාල ජනකායක් පැමිණ සිටියහ.
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව කළේ දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමිනි. ඔහු දේශපාලනයට පිවිසීම විශේෂ අවධානයට ලක්ව ඇත, විශේෂයෙන්ම ඔහුගේ අති විශාල රසික පිරිස, ඔහුට සිනමාවෙන් පොදු දේශපාලනික ජීවිතයකට මාරුවීම සඳහා දැඩි බලපෑමක් එල්ල කළ බව පෙනීයයි. මෙය තමිල්නාඩු දේශපාලනය දිශානතියට තීරනාත්මක බලපෑමක් එල්ලකරනු ඇත.


