මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්කරන පරිදි , අද (29) පෙරවරුවේ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් දකුණු පයාගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර අදාළ දුම්රිය වෙනත් දුම්රිය එංජිමක් මඟින් කොළඹ කොටුව වෙත ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය


