බ්‍රික්ස් සංවිධානයේ හවුල්කාරිත්ව රටක් වීමට ශ්‍රී ලංකාවට අවසර…

WhatsApp Image 2024 10 29 at 10.12.44
බ්‍රික්ස් සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවද හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇති අතර මේ සමගම සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමටද ශ්‍රී ලංකාවට අවසර ලැබෙනු ඇත.
ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට අදාළ යෝජනාවට මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇති බවද විදේශ අමාත්‍යවරයා පවසයි.
දැනටමත් ලොව  නැගී එන වෙළඳපල ආර්ථිකයන් සහිත රටවල් වලින් සෑදී ඇති  බ්‍රික්ස් සංවිධානයේ අනෙකුත් සාමාජික රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේ. ලබන වසරේදී බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය බ්‍රසීලය බාර ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *