ශ්‍රී ලංකාව පළමු T10 තරගාවලියට පිඹුරුපත් අඳියි…

cricket web

ශ්‍රී ලංකාවේ පළමු T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේදී

ශ්‍රී ලංකාව තුළ පළමු වරට T10 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ, මෙම තරගාවලිය දෙසැම්බර් මාසයේ අග භාගයේදී පැවැත්වීමට කටයුතු යොමු කරන බවයි.

T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත බවත්, ක්‍රීඩකයින්ට නොවැම්බර් 1 සිට ලියාපදිංචි වීමේ හැකියාවක් ලබා දී ඇති බවත් ද සදහන් කෙරේ..

දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් සහභාගි වන අතර, දේශීය සහ විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන බව ද පැවසේ.

මෙම තරගාවලිය, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරමැද ඊට බාධාවක් නොවන අයුරින් පැවැත්වෙනු ඇති බවටද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *