2025 IPL තරගාවලියේ රඳවාගත් ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ….

IPL WEB

2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක ලංසු තැබීමට පෙර, බොහෝ කණ්ඩායම් පසුගිය කාලයේ සිටි ප්‍රබල ක්‍රීඩකයින් රඳවා ගැනීමට ක්‍රියාත්මකව සිටී. එම කණ්ඩායම් සඳහා වටිනාම ක්‍රීඩකයින් එළඹෙන IPL තරගාවලිය සඳහා යොදවන බවත් කණ්ඩායම් කළමනාකරණය පවසයි.

ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) සංවිධායක මඬුල්ල, අද (31) දිනයේදී 2025 IPL තරගාවලිය සඳහා රඳවා ගත් ක්‍රීඩකයින් සහ ඔවුන්ට හිමිව ඇති මුදල් ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කර තිබේ.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම, ඉදිරි IPL තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ ශ්‍රී ලාංකික වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ යෙදවීමට තවදුරටත් රඳවාගෙන ඇත.ඔහුට මෙමවර IPL තරගාවලිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 13 ක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45.2 කට (ලක්ෂ 4520) සමාන ගිවිසුමක් හිමිව තිබේ.

මීට අමතරව, චෙන්නායි කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනි, රවීන්ද්‍ර ජඩේජා, රුතුරාජ් ගයික්වාඩ්, සහ ශිවම් ඩබ් ද ඇතුළත්ව සිටින බවත් කණ්ඩායම පවසයි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම, ඉදිරි තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු සහ එක් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු රඳවාගෙන ඇත.

එම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා වන්නේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණෙන ට්‍රිස්ටන් ස්ටබ්ස්.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 10ක් හිමිව තිබෙනවා.

සෙසු ක්‍රීඩකයින් වන්නේ අක්සාර් පටෙල්, කුල්ඩීප් යාදව් සහ අභිෂේක් පොරෙල්.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයින් අතර වැඩිම මිලක් හිමිව ඇත්තේ ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන්ටයි.

රෂීඩ් හට ඉන්දීය රුපියල් කෝටි 18ක් හිමිව තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පසුගිය ක්‍රීඩකයින් සයදෙනෙකු තවදුරටත් රඳවාගෙන ඇති අතර එහි දී ඉහළ ම මිලක් හිමිව ඇත්තේ රින්කු සිං හටයි.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 13ක් හිමිව තිබෙනවා.

ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම ක්‍රීඩකයින් පස් දෙනෙකු රඳවාගෙන ඇති අතර, වැඩිම මිලක් වශයෙන් කාරිබියානු ක්‍රීඩක නිකලොස් පුරාන්ට ඉන්දීය රුපියල් කෝටි 21 ක මුදලක් හිමිව තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ක්‍රීඩකයින් පස් දෙනෙකු රඳවාගෙන ඇති අතර, මෙවරද හුරුපුරුදු මුහුණු සිහිපත් කරමින් වීම විශේෂත්වයකි.

ඒ අතර ඉහළතම මිලක් ජස්ප්‍රිට් බුම්‍රා හට හිමිව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 18ක් පිරිනමමින්.

ඊට අමතරව සූර්‍යකුමාර් යාදව, හර්දික් පාණ්ඩ්‍යා, රෝහිත් ෂර්මා සහ තිලක් වර්මා වනවා.

පන්ජාබ් කින්ග්ස් වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනකු පමණක් රඳවාගෙන ඇත්තේ ඔවුන් පිළිවෙළින් ශශංක් සිං සහ ප්‍රබ්සිම්‍රන් සිං තෝරා ගනිමින්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩකයින් සයදෙනෙකු තබාගෙන ඇති අතර එහි වැඩිම මිලක් හිමිව ඇත්තේ සංජු සැම්සන්ට‍යි.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට ද ක්‍රීඩකයින් තිදෙනකු රඳවා ගෙන තිබෙනවා.

එහි වැඩිම මිලක් හිමිව ඇත්තේ කින්ග් කෝලි හටයි.

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ද ක්‍රීඩකයින් පස්දෙනෙකු රැඳී සිටින අතර ඉහළම මිලක් පැට් කමින්ස් හට හිමිව තිබෙනවා.

ඒ අනුව, 2025 IPL තරගාවලියේ කණ්ඩායම්වල රැඳී සිටි ක්‍රීඩකයින් අතරින් තවදුරටත් කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය සහ කැමැත්ත මත රැඳී සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මහීෂ පතිරණ මෙන්ම අනිත් කණ්ඩායම් වලට කාසියෙන් පැවැත්වීමේ සම්මතයක් ලබා ගැනීමට සමත් වී සිටී.

IPL කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් රඳවාගනු ලැබූ ක්‍රීඩකයින් සහ ඔවුන්ට හිමි වූ තක්සේරු අගය පහතින්..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *