Road To Lord’s

CRIC web

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ – කරට කර උණුසුම් තරග පෙළකින් පසු
2023-2025 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ බංග්ලාදේශයට යන එනමං නැති කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි 06 දෙනාගේ කාණ්ඩයට එක් ව තිබෙනවා.

ඒ අද (31) දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරදවා ලැබූ ඉනිමකින් සහ ලකුණු 273ක දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් සමගයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන වෙනස් වී ඇති අතර බංග්ලාදේශයට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද බිඳ වැටී යනවා.

බංග්ලාදේශයට සිය ස්ථානය අහිමි කළ දකුණු අප්‍රිකානුවන්ට ඉහළින් ඉන්දියාවත්, දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවත් පසුවන අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය පිළිවෙළින් ඉන් අනතුරුව රැදී සිටිනවා.

එබැවින් මෙවර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ කරට කර තීව්‍ර සටනක් ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති අතර
ඉදිරියේ දී ඉන්දියාවට ඔස්ට්‍රෙලියාව සමගත්, ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමගත් ටෙස්ට් තරගාවලියකට මුහුණදීමට තිබෙනවා.

එමෙන්ම මෙම තරග ප්‍රතිඵල සඳහා එංගලන්ත – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ද විශාල බලපෑමක් එක් කරනු ඇති බව විචාරකයින්ගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *