අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා, වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ, අදාළ ගෙවීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි.
අංක තහඩු නිකුත් නොවන කාලසීමාව තුළ, ලියාපදිංචි වාහන අංකය පත්‍රිකාවක මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇති බවද ඔහු පැවසීය.”


