ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස සුනිල් ජයරත්න මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ ජයරත්න මහතා අද (04) කටුනායක ප්‍රධාන කාර්යාලයේදී මෙම නවතම ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
සුනිල් ජයරත්න මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 37 වසරක කාලයක් සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළේ ය. තවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වසර තුන හමාරක පමණ කාලයක් කටයුතු කර ඇත.


