වී මිල අර්බුදය පාලනයට රජයේ නව වැඩපිළිවෙලක්….

vee web

” මුදලාලිලා කිහිප දෙනෙක් හාල් මිල තීරණය කරනවා. ඒක පාලනය කරන්න නම් රජයේ ගබඩාවල වී තියෙන්න ඕන. හැබැයි පහුගිය කන්න වල ආණ්ඩුව වී ඇටයක් අරගෙන නැහැ. වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවක්ම හිස්.ඉතින් කොහොමද හාල් මිල පාලනය කරන්නේ. පාලනය කරන්න ආකාර දෙකක් තිබේ.එකක් ගබඩා වල වී තොග තිබ්බ නම්. අපි වී තොග එළියට දැම්ම නම් හාල් මිල අඩු කරන්න පුළුවන්.
දෙක නීතියක් තියෙනවා. ව්‍යාපාර කරන මහත්වරුන්ගෙන් ඉල්ලනවා. කළේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරනවා .හැබැයි නැවත මෙහෙම අර්බුදයක් වෙන්න ඉඩ දෙන්න ඉඩ තියන්නේ නෑ. අපි නියෝග දුන්නා වී අලෙවි මණ්ඩලයේ සියලුම ගබඩා අළුත්වැඩියා කරන්න. ඊළඟ මහ කන්නයේ වැඩිම වී ප්‍රමාණය ආණ්ඩුව මිලදී ගන්න අපි සැලසුම්කර තිබෙනවා. අපි පොඩි මෝල් හිමියන්ට වී ටිකදෙනවා.ඒ ගොල්ලන්ට කොටලා දෙන්න කියලා. සමූපකාර ජාලය හරහා විකුණන්න දෙනවා.එතකොට ඒගොල්ලන්ට ඒකාධිකාරියක් හදන්න බෑ. අපි මේ ප්‍රශ්න විසඳනවා. අපි හාල් මිලේ ප්‍රශ්නෙත් වී මිලේ ප්‍රශ්නෙත් විසඳීම සඳහා වැඩපිළිවෙලක් එක්ක තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව ඇවිල්ල ඉන්නෙ ”

මොණරාගල දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජන හමුවක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වී මිල සම්බන්ධව මෙසේ ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *