දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් බලාත්මක කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සදහන් කළේ බදුල්ල, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර අද රාත්‍රී කාලයේදීත් මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පවතින අයහපත් කාලගුණ තත්වයන් හමුවේ අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.


