කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය පවසයි.
කොළඹ – කොටුව ප්‍රදේශයේ පිහිටි මහල් 55කින් සමන්විත ක්‍රිෂ් චතුරස්‍ර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර එය අත්හැර දමා ඇත්තේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරමින් බව පැවසේ.
ඊයේ දිනයේදී එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් කඩා වැටී තිබූ අතර මින් පෙර අවස්ථා කිහිපයකදීම මෙසේ සිදුවී ඇත.
ඉකුත් ඔක්තෝබර් මස 06 වැනිදා ද මෝටර් රථයක් මතට මෙහි යකඩ කොටසක් කඩාවැටී තිබූ අතර 08 වැනිදා රාත්‍රියේ ද එහි යකඩ කොටසක් කඩා වැටී තිබුණේ කාර්යාල සේවකයින් මෙන්ම රථවාහන ද එම ස්ථානයෙන් ගමන් ගත් අවස්ථාවකදීය. මෙසේ දැඩි අවදානමක් සහිත මෙම ගොඩනැගිල්ල පිලිබදව කිහිප අවස්ථාවකදීම දැනුම් දී ඇති අතර තවමත් කිසිදු පිළියමක් යෙදීමට බලධාරීන් කටයුතු නොමැති බවද පැවසේ.


