RICS සාමාජිකත්වය ප්‍රතික්ෂේප වූ බවට පළවූ වාර්තා අසත්‍යයයි…..

brics web 1

BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව විසින්ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඔක්තෝබර් 07 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ශ්‍රී ලංකාව BRICS සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් BRICS සාමාජික රටවල සිටින අදාළ පිරිසට, ශ්‍රී ලංකාව BRICS වෙත එක්වීමට ඇති කැමැත්ත ලිඛිතව ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවත්, 2024 ඔක්තෝබර් 22-24 යන දිනයන්හි රුසියාවේ කසාන් නුවර BRICS සාමාජික රටවල් සමඟ පැවති සමුළුවේදී ද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායිකාවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන උනන්දුව ප්‍රකාශ කල බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එහිදී BRICS සාමාජිකයින් විසින් නව සමාජිකත්වය ඉල්ලුම්කළ රටවල ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක BRICS සාමාජිකත්වය සඳහා අපේක්ෂිත ඉල්ලීම් BRICS සාමාජික රටවල් විසින් ඉදිරියේදී සලකා බලනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම නව සංවර්ධන බැංකුවට (NDB) සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට තිබෙන අභිප්‍රාය ද එහි සභාපතිවරයා විසින් පිළිගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ද සිය X ගිණුමේ සටහන් මගින් ප්‍රකාශ කර ඇත්තේ, BRICS හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව සාදරයෙන් පිළිගන්නා බවයි.එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ කර ඇති මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *