ව්‍යාජ ඩොලර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට….

dillar web

සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් හොර නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගෙන
ඇත.

වැලිගම, මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු මෙසේ ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28ක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවයි මාතර අපරාධ කොට්ඨාසය පවසයි.

මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇති අතර සැකකරු පවසා ඇත්තේ විදේශීකයන් සමග මුදල් ගණුදෙනු කිරිමේදී එම ව්‍යාජ ඩොලර් නෝට්ටු තමන් වෙත ලැබුණු බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන අතර ඔහු විදේශීය ජාතිකයකු සමග එකතු වී ඩොලර් නෝට්ටු ජාවාරමක යෙදුනේදැයි සොයා විමර්ශන සිදු කෙරේ.

එබැවින් සැකකාර ගණකාධිකාරීවරයාගේ නිවසද පරික්ෂා කර ඇති බවයි පොලිසිය පවසන අතර සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *