පාර්ලිමේන්තු මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමෙන් පසුව තව්ත් ඡන්ද දැන්වීම් පත්රිකා 550,000ක් තැපැල් කාර්යාවල ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය ඔක්තෝබර් 27 වනදා සිට මේ මස 07 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්රිකා ඡන්ද දායකයින්ගේ නිවෙස්වලට තැපැල් මගින් බෙදාහැරීමට කටයුතු කළ අතර අද වන විට නිල ඡන්ද දැන්වීම් පත්රිකා 550,000 ක් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරයි.


