ඊයේ (10) පැවැති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විවිධ ආරක්ෂක හේතූන් මත උතුරේ ජනතාවගෙන් පවරාගෙන ඇති ඉඩම් යළි ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බවයි මේ අතර එතුමා වැඩිදුරටත් කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ද පියවර ගන්නා බවයි.
මෙසේ අදහස් දැක්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය විසින් වවුනියාවේදී සංවිධාන කළ ජන රැලියකදීය.


