සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලකුණු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 05ක ජයක් හිමි වීමත් සමග තරගාවලිය එකට එකක් ලෙස සමවිය.
පැතුම් නිස්සංක ලකුණු 52ක් භානුක රාජපක්ෂ ලකුණු 15ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 14ක් ලෙස රැස් කල අතර පන්දු යැවීමේදී නවසීන්ත කණ්ඩායම වෙනුවෙන් Lockie Ferguson සහ Glenn Phillips කඩුලු 3 බැගින් දවා ගත් අතර Michael Bracewell කඩුලු 2ක් ද, Mitchell Santner සහ Zakary Foulkes එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.


