වසර 22කට පසු කැන්ගරු භූමියේදී පකිස්තානයට තරගාවලි ජයක්….

pak web

වසර 22 කට පසු පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය .
ඒ, දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන එක්දින තරගය කඩුලු 08කින් ජයගැනීමට පාකිස්ථානයට හැකිවීමත් සමඟයි.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස පාකිථානය ජයග්‍රහණය කළ අතර, පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට මොහොමඩ් රිස්වාන් පත්ව ඔහු මෙහෙය වූ පළමු තරගාවලියේ දීම මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියානු භූමියේ දී පාකිස්ථාන කණ්ඩායමක් අවසන්වරට තරගාවලියක් ජයග්‍රහණය කර තිබුණේ 2002 වසරේදී වකාර් යුනිස්ගේ නායකත්වය යටතේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *