වසර දොළහකට පසු ශ්‍රී ලංකාවට එක් දින තරගාවලි ජයක්….

WhatsApp Image 2024 11 18 at 00.11.26

සංචාරක නවසීලන්ත – ශ්‍රි ලංකා දෙවන එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් වුණා.
ඒ කඩුළු 03කින් නවසීලන්තය පරාජය පත් කරමින් වන අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රි ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට හිමිවී තිබෙනවා.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 209ක් රැස් කර ගැනීමට ඒ කඩුළු සියල්ල දැවී යාමෙන්.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව තිරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව නවසීලන්තය පන්දුවට පහරදෙමින් සිටින අතරතුරදී පිටිය ඇද හැළුණු වර්ශාව හේතුවෙන් තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 47 බැගින් සීමා කෙරුණා.

එහිදී නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45.1ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 209ක් රැස් කර ගත්තා.
Will Young ලකුණු 26ක්ද, Tim Robinson ලකුණු 04ක්ද, Henry Nicholls ලකුණු 08ක්ද, Mark Chapman ලකුණු 76ක්ද, Glenn Phillips ලකුණු 15ක්ද, නායක Mitchell Santner ලකුණු 06ක්ද, Mitchell Hay ලකුණු 49ක් ද රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්‍රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ කඩුළු 03 බැගින්ද, අසිත ප්‍රනාන්දු කඩුළු 02ක් ද, දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 210ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් පන්දුවාර 46ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 210ක් රැස් කරගත්තා.

පන්දුවට පහරදීමේදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක්ද, පැතුම් නිස්සංක ලකුණු 28ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05ක්, නායක චරිත් අසලංක ලකුණු 13ක්, සධීර සමරවික්‍රම ලකුණු 08ක්, ජනිත් ලියනගේ ලකුණු 22ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 18ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Michael Bracewell කඩුළු 04ක් සහ Mitchell Santner, Glenn Phillips, Nathan Smith අතරේ කඩුළු 01 බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකාව නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් හිමිකර ගැනීමට සමත් වුණේ වසර 12කට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *