ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල සිදු වූ වෙඩි හුවමාරුවක්….

WhatsApp Image 2024 11 24 at 11.29.26

ජෝර්දානයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල සිදු වූ වෙඩි හුවමාරුවකින් වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු මිය ගොස් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පොලිස් මුර සංචාරයක නිරතව සිටි නිලධාරීන්ට වෙඩික්කරු විසින් වෙඩි තබා ඇති අතර පොලිසිය විසින් නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ අවස්ථාවේ වෙඩික්කරු මියගොස් ඇත්තේ. වෙඩි තැබීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ වන විට තානාපති කාර්යාලය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *