අයහපත් කාලගුණ තත්ත්වය මත කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි…..

පවතින අධික වැසි තත්ත්වය මත කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (27) ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව වාර්තාවේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටීම් ද සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *