ෆෙන්ගල් සුලි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්….

WhatsApp Image 2024 11 30 at 12.36.30 3

මෙරට දැඩි ආපදාවට ලක්කළ ෆෙන්ගල් සුලි කුණාටුව අද (30) පස්වරුවේ ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසන ලදී.

ඊට මුහුණ දීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ පියවර රැසක් ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තාකර තිබුණි.
මේවනවිට ක්‍රමයෙන් චෙන්නායි, තිරුවල්ලූර්, කන්ඩීපුරම්, කල්කුරිච්චි සහ කූඩලෝර් දිස්ත්‍රික්කවලට වැසි තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවද සඳහන් වන අතර තමිල්නාඩුවේ ප්‍රදේශ රැසක පාසල් වසා දැමීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බවත් lndiGo ගුවන් සමාගම චෙන්නායි ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් අත්හිටුවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තාකර තිබුණි.
එමෙන්ම එයාර් ඉන්දියා ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බවද සඳහන්.
එමෙන්ම තමිල්නාඩුවේ වෙරළබඩ ප්‍රදේශ රැසක කාලගුණයේ වෙනසක් දක්නට ලැබෙන බවද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර තිබෙනවා.
ෆෙන්ගල් සුලි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වූ අතර 15දෙනෙකුට දිවි අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *