ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් මිලියන 2 ඉක්මවයි …..……

WhatsApp Image 2024 12 26 at 12.21.26

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115ක් පැමිණ ඇති අතර, එය සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින්ගේ පැමිණීම් 6,474ක් වෙනවා.
එමෙන්ම දෙසැම්බර් මාසයේ මේ වනතෙක් සංචාරකයින් 193,471ත් 229,644ත් අතර සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.
දෙසැම්බර් පළමු භාගයේදී වැඩිම සංචාරක පිරිසක් ලෙස ඉන්දියාවෙන් 21,174ක් පැමිණ තිබුණා.
තවද, රුසියාව සංචාරකයින් 13,762ක් ද, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,417ක් ද, ජර්මනියෙන් සංචාරකයින් 6,574ක් පැමිණ තිබෙනවා සහ ඔස්ට්‍රේලියාව සංචාරකයින් 5,198ක් පැමිණ තිබෙනවා.
2023 වසර සඳහා ඉන්දියාවෙන් සංචාරකයින් 385,267ක් ද, රුසියාවෙන් සංචාරකයි 180,414ක් ද, එක්සත් රාජධානියෙන් සංචාරකයි 166,999ක් ද පැමිණ තිබෙනවා.
සංචාරක අධිකාරිය විසින් 2024 දී සංචාරකයින් මිලියන 2.1ක් පිළිගැනීමට අපේක්ෂා කරන අතර, මෙම වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතයි.
ප්‍රථමයෙන් මෙම වසරේ සංචාරක පැමිණීම් මිලියන 2.3ක ඉලක්කයක් තබා තිබුණා.
එහෙත්, මාස කිහිපයක් තිස්සේ පැවති වීසා බලපත්‍ර ගැටළු සංචාරකයින්ගේ පැමිණීමට බාධා එල්ල කළ අතර, ඒ හේතුවෙන් මෙම ඉලක්ක සපුරා ගැනීමට යම් ප්‍රමාණයකට බලපා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *