සහල් ආනයනය කිරීම සදහා ලබාදුන් අවසරය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ දෙසැම්බර් 20 දින දක්වා මෙරටට සහල් ආනයන සඳහා ලබා දී තිබු අවසරය දීර්ඝ කරමින්.
ඒ අනුව පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්්රක් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබුණා.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ, ආනයනය කරන ලද සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු අද සිට සිදු කරන බවයි.
මේ අතර මහා පරිමාණ මොල් හිමියන් විසින් වී තොග ගබඩා කර තබා ගැනීම තුළින් රට තුළ සහල් හිගයක් ඇති වූ බව සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යූ.කේ. සේමසිංහ මේ බව කියා සිටියේ, අනුරාධපුරයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.


