ලොව වේගවත්ම අධිවේගී දුම්රිය චීනයෙන්……

WhatsApp Image 2024 12 30 at 21.01.49

සී ආර් 450 ලෙස හඳුන්වන ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මුල් ආකෘතිය චීනය විසින් එළිදක්වා ඇති අතර, පැයට කිලෝමීටර් 400ක පමණ වේගයක් ඔවුන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය දැනට චීනයේ ක්‍රියාත්මක වන පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කරන සී ආර් 400 – ෆුෂින්ග් අධිවේගී දුම්රියවලට වඩා සැලකිය යුතු තරම් වේගයකින් යුතුබවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අධිවේගී දුම්රිය මෝටර් රථ බලයෙන් ක්‍රියාත්මක වන මැදිරි 04කින් සහ මෝටර් රථ බලය නොමැතිව ක්‍රියාත්මක වන මැදිරි හතරකින් සමන්විතය.
එමෙන්ම, අද වනවිට චීනය තුළ ක්‍රියාකාරී අධිවේගී දුම්රිය මාර්ගවල මුළු දිග කිලෝමීටර 47,000 ක් පමණ වන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *