දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 179 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු අනතුර වන අවස්ථාවේ ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකුට පමණක් දිවි ගලවා ගැනීමට හැකිවිය.
මෙම අනතුර හේතුවෙන් දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුආන් දක්වා ගමන් ඇරඹු මෙම ගුවන් යානයේ එක් එන්ජිමක පිපිරීමක් සිදුව ඇති අතර ගුවන් යානයේ එන්ජිමට කුරුල්ලෙකු වැදීම නිසා මෙය සිදුව ඇති බව අනුමාන කෙරේ.
කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස වීමේදී රෝද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීම නිසා යානය ධාවන පථය දිගේ ඇදී ගොස් ආරක්ෂිත බැම්මේ වැදී අනතුර සිදුව තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම අවස්ථාවේ යානයේ අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක්ව තිබුණි.


