‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අනිද්දා ඇරඹේ……

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ”‍ක්ලීන් ශ්‍රී ලංකා”‍ වැඩසටහන අනිද්දා (01) ආරම්භ කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
”‍ක්ලීන් ශ්‍රී ලංකා”‍ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකාය සමන්විතයි.
”‍ක්ලීන් ශ්‍රී ලංකා”‍ වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *