Clean Sri Lanka වැඩසටහනට සමගාමීව මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමට හැකි පරිදි e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඉතා පහසුවෙන් බාගත කර ගැනීමට හැකි බවද පොලීසිය වැඩි දුරටත් සදහන් කරයි.
දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබාගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙන බව සදහන් වන අතර දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607 ක රථවාහන නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින බවද සදහන් වේ.


