සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (15) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං, අගමැති ලී චියැන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ලෙජි ඇතුලු රාජතාන්ත්‍රිකයින් කිහිප පළක් හමුවීමට නියමිතයි.
තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් ක්ෂේත්‍ර කිහිපයක සංචාරයකට සහ ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා මෙහිදී එක්වනු ඇති.
එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට මෙම සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා ඇතුළු පිරිස පෙරේදා (13) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.


