කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වේ.
ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියක් වන අතර ඇය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ ආදරණීය මවයි.
හම්බන්තොට මුල්කිරිගල දී, 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61 වැනි විය පසුවූවාය.
ඇය 1986 වසරේ සිට මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් අතර ඇය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් දිනාගැනීමට ද සමත් ව ඇත.
ඇයගේ මංගල සිනමා අත්දැකීමවන්නේ 2000 වසරේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සරෝජා චිත්‍රපටයයි.
එමෙන්ම ඇයගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස ජය පිට ජය, රන් කෙවිට, නිදහසේ පියා ඩී.එස් හා ප්‍රවේගය සදහන් කළ හැක.
මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට ද සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය සිය රංගනයෙන් දායක වී ඇත.


