පොලිස් කොමිසම වෙත ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුගේ ලැයිස්තුවක්…………

WhatsApp Image 2025 03 05 at 12.49.13 1

ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත යොමු කර ඇත.

පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරු කිරීම් ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා හේතු දක්වන ලෙස ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අදාළ ස්ථාන මාරු කිරීම්වල හේතු දක්වමින් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත මෙම ඉල්ලීම කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත.

තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරු ඉදිරියේදී ලබා දෙන බව එම අමාත්‍යාංශය තවදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *