මාර්තු 14 වන ඊයේ දින ජනප්රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මීගොඩ, අරලිය උයන ප්රදේශයේදී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය ප්රකාශ කර ඇත.
එමෙන්ම, ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙනවිත් මොහුට ලබා දී ඇති අතර කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබීමෙන් ගිය පසු මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මොවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


