සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට හිමාලයානු දුඹුරු වලසුන් (Himalayan Brown Bears ), මියර් කැටි – Meerkat සතුන් ජෝඩු 03 ක්, ස්පොටඩ් හයිනා ජෝඩුවක් (Spotted Hyena ) මෙරටට රැගෙන විත් තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය පෙබරවාරි මස 10 වනදා මෙම සතුන් මෙරටට ගෙනවිත් ඇති අතර ඔවුන් මසකට අධික කාලයක් නිරෝධායනය කිරීමෙන් පසුව දෙහිවල සත්වෝද්‍යානයට සහ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම හිමාලයානු දුඹුරු වලසුන් සහ මියර් කැටි ජෝඩු තුන දෙහිවල සත්වෝද්‍යානයටත් ස්පොටඩ් හයිනා යුවළ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයටත් නිදහස් කිරීමට නියමිතව ඇත.
එම සතුන් මාර්තු 25 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් වේ.


