ලංකාවේ පළමු ශුක්‍ර බැංකුව ආරම්භ කෙරේ …….……

spam web

මෙරට රජයේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කර තිබෙන බව වාර්තා වේ.

මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව පීඩා විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙන බවත් මෙය ඉතාමත් රහසිගතව සිදුවන ක්‍රියාවලියක් බවත් පුද්ගලිකත්වය ආරක්ෂා කරන බවත් වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කර ඇත.

ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පුද්ගලයින් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතු අතර අදාළ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව යළිත් මාස 3 කට පසු එම පරීක්ෂණවලටම ලක් කිරීමෙන් අනතුරුව සුදුසු පියවරුන්ගේ ශුක්‍ර ධාතු ලබා ගන්නා බව කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ප්‍රකාශ කර ඇත.

මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්ට 0112678999 හා 0112672216 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *