කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට …….……

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ප්‍රකාශ කර ඇත.

‘චිකුන්ගුන්යා’ වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරන බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත.

එබැවින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ‘චිකුන්ගුන්යා’ රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බව ඔහු සඳහන් කර ඇත.

මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන බවත් ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *