ඇමෙරිකාව විසින් චීනයට පැනවූ තීරු බද්ද අද සිට 104% ක් දක්වා ඉහළට…….……

WhatsApp Image 2025 04 09 at 15.13.10

අප්‍රේල් 09 වන අද දින සිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් චීන ආනයන සඳහා 104% ක බද්දක් පැනවීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

ඒ අනුව ට්‍රම්ප් බලයට පත්වීමට පෙර තිබූ බදුවලට අමතරව මෙම නව 104% ක බද්ද ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මෙම තීරු බදු පැකේජයේ කොටසක් ලෙස අද සිට 34% ක බද්දක් පැනවීමට නියමිතව තිිබෙන අතර පසුව අමෙරිකාවේ තීරණයට ප්‍රතිචාර දක්වමින් චීනය ද අමෙරිකානු භාණ්ඩ සඳහා 34% ක බද්දක් පැනවීමට පියවර ගෙන ඇත.

පසුව අමෙරිකාවට පැනවූ 34% ක බද්ද ඉවත් නොකරන්නේ නම් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 50% ක තවත් තීරු බද්දක් පනවන බව ට්‍රම්ප් මහතා අනතුරු අඟවා ඇත.

පසුගිය වසරේ චීනය ඇමරිකාවේ දෙවන විශාලතම ආනයනකරු බවට පත්ව තිබූ අතර ඒ අනුව ඩොලර් බිලියන 439 ක භාණ්ඩ අමෙරිකාවට නැව්ගත කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම අමෙරිකාව විසින් චීනයට ඩොලර් බිලියන 144 ක භාණ්ඩ අපනයනය කර ඇති බවද වැඩිදුර සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *