වැඩබලන පොලිස්පතිගෙන් නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට චක්‍රලේඛයක්…….……

WhatsApp Image 2025 04 09 at 15.33.38

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.

මේ සඳහා තාරුණ්‍යය සතු නිර්මාණශීලිත්වය, අධිෂ්ඨාන ශක්තිය, නව දැනුම හා මහජනයා වෙත ඉක්මනින් ප්‍රවේශවීමේ හැකියාව වැනි අංග දායක කරගත යුතු අතර, එමඟින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබා ගැනීම සඳහා නව ප්‍රවේශයක් වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා, ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරන බව වැඩිදුර සඳහන් වේ.
WhatsApp Image 2025 04 09 at 10.31.18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *