ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් සමාජ ශාලාවෙහි රැඳී සිට ඇත.
මියගිය පිරිස අතර ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු ද සිටින බව වාර්තා වේ.
මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
ඒ අතර, සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව වැඩිදුර සඳහන් වේ.


