අප්‍රේල් 11 වන අද දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කර ඇත.
මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් 9වනදා පැවැත් විය.
එහිදී සංශෝධන සදහා කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත එක්විය.
අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු 1වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.


