අප්‍රේල් 16 වන හෙට දින අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත පෙරවරු 9.04 ට යෙදී ඇත.
ජෝතිෂ්‍යයේ, පච්ච වර්ණ හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත්ද තබා, කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යෝග්‍ය බව සඳහන් වේ.
මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී පැවැතිවීමට නියමිත බව සදහන් කර ඇත.
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිත බව වැඩිදුර සඳහන් වේ.


